සුදු අරලිය...

1.3K 67 21
                                    

••••• සුදු අරලිය •••••

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


••••• සුදු අරලිය •••••

( පුලුවන්ද පවරන්න ඔය සුදු අරලිය මලේ
අයිතිය මටම විතරක් )













" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.."



මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්..



" ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.."



" අනේ.. හේතුව කියන්නකො අයියේ.."



මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති..

මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්..



" සයාෂ් දන්නවද.."
" අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.."
" ඒ සුවඳ මගෙ හිත නිවනවා.."
" හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.."



ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ..

අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා.. ඒ ඇස් අස්සෙ හරි ලස්සනට හැංගිලා තිබුණ අයියා වචනෙන් නොකිව්ව ආදරේ තේරුම් ගන්න මට බැරි උනේ නෑ.. ඒක තේරුම් ගන්න බැරි තරමෙ පොඩි එකෙකුත් නෙවෙයි මම..

මේ අත් උඩ ගන්න හුස්ම පවා හරිම නිදහස්.. ඒ තරමටම මම දැන් එයාට බැඳිලා.. එයාගෙ නිමක් නැති ආදරේට මම ඇබ්බැහි වෙලා..



" මම ඔයාට හුඟාක් ආදරෙයි අයියෙ.."



" මමත් ඔයාට ආදරෙයි මගෙ චූටි මහත්තයො.."
" අනික් හැමදේකටම වඩා.."



අයියගෙන්ම විතරක් පිටවෙන මම ආසම ඒ ගැඹුරු කෙඳිරුම් හඬට විතරක්ම අධි මාත්‍රයක මත්ද්‍රව්‍යයකට වගේ මාව මත් කරන්න පුලුවන්.. ටික වෙලාවකින් මගෙ හිස් මුදුනින් අයියගෙ දෙතොල් දැවටෙනකොට ඉබේටම වගේ මගේ ඇස් පියවුනා..

ඒ හාදුව පුංචිම පුංචි හාදුවක් උනත් මගේ තේව් අයියගෙ මහමෙරක් තරම් ආදරේ දැනෙන්න මට ඒකත් ඇති..














💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

✍️ - Sayuu..💕

2024.03.03

සුදු අරලිය...Dove le storie prendono vita. Scoprilo ora