06

120 14 2
                                    

" ස්පෝර්ට් මීට් එකේ වැඩ බෙදල දුන්නම ඔයාලට ඒව බලන්න පුළුවන් නේද "

ගේම්ස් කැප්ටන් , ඩිපියුට් ගේම්ස් කැප්ටන් දෙන්නම පැත්තකට වෙලා උගුඩු පැටව් දෙන්නා වගේ බලන් ඉන්නකොට කොහෙවත් නැති ඉවේන් ස්පෝර්ට් මීට් එකේ හැම වැඩක්ම බලන්න ගත්තා. ඉවේන් අහන අහන හැම මගුලටම මොනුන්ද එවුන් දෙන්නා වගේ ඔලුව වනන එකනන් කරන්න අමතක කරේ නෑ.

" ප්‍රින්සිපල් කීව උගන්නන ඒවට බාධා වෙන්නෙ නැති වෙන්න ආෆ්ටර් ස්කූල් මීට් එකේ වැඩ ටික කරන්න කියලා. ක්ලාසස් නිසා බැරි වෙන හින්දා අපිට කට්ටියගෙ ගෙවල්වල කතා කරගන්න පුළුවන් "

ඉවේන් නිකන් මොකාද එකා වැහිලා වගේ කියවගන යන්න ගත්තා. කිසිම ලමයෙක්ට කතා කරන්න වෙලාවක් දුන්නෙ නෑ එහෙම නෙමේ කිසිම ලමයෙක්ට කතා කරන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ. ඒ තරමටම එයා වැඩ ටික ප්ලෑන් කරලා තිබ්බා. එහෙම වෙන්න ඕනෙනෙ මොකද හිටපු ගේම්ස් කැප්ටන්ට මේ වැඩ හොදට පුරුදු වෙන්න ඕනෙ.

" හවුස් ඩෙකරේෂන් ටික අපි බලන්නන් ආයුලගෙ ගෙදර පුළුවන් කියල කීවනෙ. එතකොට ස්පෝර්ට් වලට ඉන්න ලමයිගෙන ම් ටික අකිල , යොවිදු ඔය දෙන්නා ලියලා ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ අයට දෙන්න මම අනිත් ඒව පස්සෙ කියන්නන් "

" ආ තව දෙයක් හෙට වොලිබෝල් මැච් එක තියනවා. දැන් හැමෝම පන්තිවලට යන්න "

ගත්ත මීටින් එක පැය භාගෙන් ඉවරයි. ඩෙකරේෂන් ටිකත් කරලා , ස්පෝර්ට්වලට ඉන්න ලමයිගෙ නම් ටිකත් ලියලා ඔක්කොම ඉවරයි. කොටින්ම කීවොත් ස්පෝර්ට් මීට් එකම ඉවරයි. නෑ නෑ ඉවර නෑ. කොලඹ හතේ තියන හොදම ස්පෝර්ට් මීට් එක තියෙන්නෙ මේ ඉස්කෝලෙ කීවොත් වැරදිත් නෑ.

" ආයු ටිකක් ඉන්න ඔයාගෙ යාලුවො තුන්දෙනත් එක්ක "

ඒපාර මොන මරාලයක්ද පාත් වෙන්න යන්නෙ කියල සිතුම් ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියෙ ඉවේන් දිහා. එයාට ඔලුව වනලම ඇති වෙලා තිබ්බෙ.

" ආයු අපිට අද හවස ඔයාලගෙ ගෙදර එන්න පුළුවන්ද "

" පුළුවන් "

" හරි එහෙනන් ඔය හතරදෙනයි මායි තව තුන් දෙනෙකුයි එනවා. හවස පහ වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. දැන් යන්න "

ආයු ( Non fiction )Onde as histórias ganham vida. Descobre agora