26

52 10 0
                                    

ඉවේන් , යොවිදු දෙන්නා කලින් දවසෙ රෑ කතා කරගත්ත විදිහටම උදේම යන්න පිටත් වුනා. කුරුණෑගල කියන්නෙ කොළඹට හාත්පසින්ම වෙනස් පැත්තක්. ජනාකීර්ණ වුනත් කොළඹ තරන් නෑ. නගරයෙන් ටිකක් ඇතුලට යනකොට ජනාකීර්ණ බව තව ටිකක් අඩු වුනා. අනිත් එක ආයුලගෙ සීයගෙ ගෙදර තිබ්බෙ කුරුණෑගල නගරයෙන් ඇතුලට වෙන්න තිබ්බ ලස්සන ගමක. නිදහස කියන එක උපරිමටම තියනවා.

ටික දුරක් ගිහින් ඉවේන් කැබ් එක නතර කරේ පරණ තාලෙට හදලා තිබ්බ සාමාන්‍ය ප්‍රමාණයේ ගේට්ටුවක් දාලා තිබ්බ තට්ටු දෙකේ ලොකු ගෙයක් ඉස්සරහින්. බැලූ බැල්මට වලව්වක් වගේ අනිත් ගෙවල්වලට වඩා වෙනස්. ඒ ගෙදර තිබ්බෙ ගම කෙලවරේම වගේ තිබ්බ නිස්කලංක පරිසරයක. ගෙදර ඉස්සරහට වෙන්න තිබ්බ අඹ ගහ යට පරන තාලෙ ගල් මේසයක්. ඊට ටිකක් එහාට වෙන්න තිබ්බෙ පොඩි පොකුණක්. වැට අයින දිගට එක එක ජාතියේ මල් වවලා. ගෙදර පිටිපස්සෙ තිබ්බෙ පොඩි බෑවුමක්. බෑවුමෙන් පහල ඒත් එක්කම තියන වෙල. වෙල මැද තියන සාමාන්‍ය ප්‍රමාණයේ ගල. ගලට එහාපැත්තෙ තිබ්බ මාර ගහ හින්දා. මාර ගහ ඕනම වෙලාවක් එතන ඉදගන ඉන්න පුළුවන්කම තිබ්බා. හැම වෙලාවෙම එතන හෙවන වැටිලා තිබ්බෙ. ගල ලගින්ම ගලාගන යන ඇල. මේ හැමද්ව්ව්ම හින්දා ගමට ගෙනාවෙ අමුතුම ලස්සනක්. කොලඹ මහත්තුරුන්ටනන් මේක දිව්‍යලෝකයක්ම තමා.


Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.
ආයු ( Non fiction )Onde as histórias ganham vida. Descobre agora